Monday 15 August 2016

KITHUNU GEE (SINHALA HYMNS)

For God the Father - Devi Piyaaananta  

1) Obe Daya Senehe Kiya.. ඔබේ දයා සෙනෙහෙ කියා..https://youtu.be/-ZYVf4GelwI




For Jesus - Kithu Samindunta 



1) Mage Divi Pananala Rakinne https://youtu.be/V9qpIPZoLcc

2) Oba Thurulata We 

ජේසු රජාණෙනි  Jesu Rajaaneni
ජේසු රජාණෙනි ඔබ වටලා
බාල සමාජය පෙම් වඩලා
සාදු දිදී සිරි හද පුදලා
පාද සිපා සැනසීම දෙමූ

පාද සිපා... පාද සිපා...
පාද සිපා සැනසීම දෙමූ

පුංචි අපෙන් වන පව් නොබලා
ලෝක රසින් වන පව් නොබලා
පාප අපෙන් ඔබ වෙන් නොවෙලා
ජේසු ඔබේ දෙනු මැන සරණේ

ජේසු ඔබේ... ජේසු ඔබේ...
ජේසු ඔබේ දෙනු මැන සරණේ

සෑම දිනේ තුරුලට වඩලා
සෑම සෙනේ කරුණා පාලා
සෑම පිනේ රස පෙන්වාලා
ජේසු ඔබේ හද දන් දෙන්නේ

ජේසු ඔබේ... ජේසු ඔබේ...
ජේසු ඔබේ හද දන් දෙන්නේ


ජයවේ ජේසූනී | Jayawe Jesunee
ජයවේ ජේසූනී ජයවේ ක්‍රිස්තුනී
සව් ලෙව් දනන්ගේ සිත් වදන් විනිශ්චකාරෙනී
ක්‍රිස්තූ රජාණෙනි ලෝකාග්‍ර ස්වාමිනී
දෙවි වූ ජේසූ රාජේන්ද්‍රා ‍තේජායු වේ

ක්‍රිස්තු රජ නොවේ කියත් පවිටුවෝ
ඔබේ දසුන් ලොවේ පිරි හඬින් සැවෝ
දෙව් පුතුන් ම වේ සෑමා දනන්ගෙ ස්වාමී
තේජා ශ්‍රී ස්තෝත්‍ර වේවා

ආ ජේසු ක්‍රිස්තුනි ශාන්ති කුමාරෙනි
උදාර සිත් සැම සුදම් දෙස නමා
ඔබ සබේ තුළා දිළෙයි නිබඳ සේනා
ආශිර්වාදිත වේවා

ආදර මගෙ ජේසුනී | Aadara Mage Jesuni
ආදර මගෙ ජේසුනී
කලකින් ඔබ අමතමී
කොහොමද ඔබගේ තතූ සමි‍ඳේ
සිතු සිතු දේ මම කළා
ඔබෙ දහමේ ගුණ නසා
අද ඔබ ළඟ වැඳ වැටී හඬමී

මා හසුවී මාරුතේ
මඟ වැරදී මාවතේ
මේ ලියමන ලියමි මා සමි‍ඳේ
මහ කරුණා සාගරේ
ඔබ පමණයි ආදරේ
සැනසුම මට දෙන්නකෝ සමි‍ඳේ

ජේසුනි මම ආදරෙයි
ඔබෙ පෙම ඊටත් වැඩියි
සැමදා මම ණයගැතියි ඔබට
ඔබ දුන් හැම දේටමත්
මට දුන් නැති දේ හටත්
තුති පුදනෙමි ආදරෙන් සමි‍ඳේ

ආද‍ර මගෙ ජේසුනී
හමුවෙමු යළි මතු දිනේ
දින දින වැජඹේ ලොවේ සමි‍ඳේ
සිතු සිතු දේ මම කළා
ඔබ අනුකම්පා කළා
මම ඔබ ළඟ වැඳ වැටී හඬමී


වන්දනා කරමූ | Wandana Karamu
වන්දනා කරමූ සිරස නමා...//
වන්දනා කරමූ සිරස නමා...//
වන්දනා කරමූ සිරස නමා...//

පැසසුම් කරමූ ගීත ගයා...//
පැසසුම් කරමූ ගීත ගයා...//
පැසසුම් කරමූ ගීත ගයා...//

ස්තූතී කරමූ දෝත නගා...//
ස්තූතී කරමූ දෝත නගා...//
ස්තූතී කරමූ දෝත නගා...//


ඔබ තුරුලට වී | Oba Thurulata Vee
ඔබ තුරුලට වී ඉන්නට ඇත්නම්
එක වරුවක් හෝ දවසක දී
නිසසල මොහොතක හිමිදිරි උදයක
ඔබ සිරුරේ උණුසුමේ වෙලී

ජේසුනී...
මට ඔබ විශ්වාසයි
ඔබ මගෙ ජීවිතයයි
හැමදාමත් එහෙමයි

ගිනිගත් සිතිවිලි නිවෙනා තුරු මා
ඔබ තුරුලේ ඉන්නම්
පවිටු මගේ සිත සේදී යනතුරු
ඔබ පා නමදින්නම්
තනිවෙන්නට කිසි දිනෙක ඉඩ නොදී
ඔ‍බ පසුපස එන්නම්
දෑතින් ඔබෙ අත අල්ලා ගෙන මා
ගීයක් මුමුණන්නනම්

දුකින් පෙළෙන මිනිසුන් අහුරක් ගෙන
ඔබ පාමුල වැටෙමී
සැනසීමක් අයැදින්නට හිත හිත
මල් දෝතක් පුදමී
විශ්වාසයි මට විශ්වාසයි කිසි
දින මා අතනොහරියි
ඔබ දුන් හුස්මෙන් ජීවත් වන්නට
මට දිරි ලැ‍බෙනු ඇතී

මා බලවත් කරනා සමිඳේ | Ma Balawath Karana Saminde
මා බලවත් කරනා සමිඳේ
ඔබ තුළ මට කළ හැක සැම දේ
දුබල මසිත සැලෙනා මොහොතේ
දිරියක් වී රැඳෙන්න නිබඳේ

දිවියේ පැණ පොදි හැරදා
නැගිටින්නට වෙරලන සඳ
කුරුසියෙ සෙවනැලි අතරේ
පා නඟන්න දිරි දෙනු මැන
සමිඳේ... සමිඳේ...//

හිරු බැස යන අවරගිරේ
ඔබෙ අතැඟිලි මත රැඳිලා
දිවියේ ජය පැරදුම් හා
දුකයි සැපයි දෙකම කියමි
සමිඳේ... සමිඳේ...//


මගෙ දිවි පණනල | Mage Divi Pananala
මගෙ දිවි පණනල රකින්නෙ
ඔබ පමණකි ජේසුනේ
දිවිය පුරා ඔබ ආලෝකේ
සැම නපුරේ සරණේ...//

ඔබ හැර මා අන්කවරෙකු වෙත යන්නද සමිඳේ
ඔබමයි මා නිති පිළිසරණේ
නැත කිසිදා කුරුසේ බර හැරදා පසු බැස්සේ
දිවිය ඔබේ දිරියයි නිබඳේ

සරා සඳේ සොමි කැළ්මන් ගලනා හෝරාවේ
පිළිසඳරේ සතුටින් නැවතී
දිවිය පුරා මට ආනන්දය වූ හැටි සිහි ගන්වා
රැඳෙමි ඔබේ නෙතුකැන් අතරේ



රොනට වදින I Ronata Wadina
රොනට වදින බිඟු ඔබයි - කැකුළු මල මමයි
මලට සුවඳ ටික ඔබයි - සිඟිති පෙති මමයි
ජේසූ දෙවියනී - ජේසූ දෙවියනී
ජේසූ දෙවියනී - ජේසූ දෙවියනී

විලට වසින පිණි ඔබයි - පද්මිණිය මමයි
සුළඟ සළන සිරි ඔබයි - ලලිතිණිය මමයි
ජේසූ දෙවියනී - ජේසූ දෙවියනී
ජේසූ දෙවියනී - ජේසූ දෙවියනී

පහන් දොරට හිරු ඔබයි - කුමුදිනිය මමයි
රැයට දිළෙන හඳ ඔබයි - හඳට රැය මමයි
ජේසූ දෙවියනී - ජේසූ දෙවියනී
ජේසූ දෙවියනී - ජේසූ දෙවියනී

දියට මුහුද දෙවි ඔබයි - ගලග ගඟ මමයි
දිගත පතල ජල ඔබයි - නගින රළ මමයි
ජේසූ දෙවියනී - ජේසූ දෙවියනී

ජේසූ දෙවියනී - ජේසූ දෙවියනී




For Mother Mather Mary







පැනිබර වන මල් | Panibara Wana Mal
පැනිබර වන මල් අතුමිනි දැදිරිව
පැනිබර හිමිදිරියේ
මල් ලොව රැජිණිය ඔබ බව පවසයි
ලෝක දයාබරියේ
මිහිකත වටකොට සත්මහ සමුදුර 
සෝදන දිය සරියේ
ඔබමය රැජිණිය ඔබමය රැජිණිය 
ඔබමය මව් මරියේ

මල් ලොව මංගලියේ
ලෝක දයාබරියේ
ලෝ කිරීටය ඔබේ හිසමත තබබින්
නමෝ නමෝ මරියේ

පව්බර අප වෙත මව් පෙම් වඩවා
කරුණා නයන හෙලා
දිරි ගන්වනු මැන අප සිත් දින දින
ඔබේ පුත් රුවන බලා
නිති සරණිය දෙන මරි මව කඩ නොව
නංවන අසිරිවලා
රැජිණිය රැජිණිය සලසනු රැජිණිය
අපවෙත එන්න ගලා



මංගල වේවා | Mangala Weewa
මංගල වේවා මෑණියනේ 
ජය ජය මංගල වේවා
ඔබ පැසසේව සෑම දිනේ
දෙව් මව සේ නැමදේව

ඔබ මා මව සේ
රක නපුරෙන් මේ දිවියේ
ඔබේ රූ බාර වූ
වත මා වෙත යොමු වේවා

ඔබේ සිත හා මගේ සිත සමවී
බැහැපත් ගතියෙන් සැරසී
ඔබේ හද හා මගේ හද සමවී
මා තුල ජිවන වේවා

(නව වසරට)
මේ නව වසරේ මෑණියනේ
ඔබේ තුරුලට අප ළ‍‌‌ංවී
අප ඉරණම ඔබේ අතේ තබා
නව උදයට පා තබමු

රිදී වළා ගැබින් නැගෙන | Ridee Walaa Gebin
රිදී වළා ගැබින් නැගෙන කුමරි කව්රුදෝ
අඹරෙ දිනුඳු වතසෙ දිලෙන මුහුණ කාගෙදෝ
කුළුණු බරින් කඳුළු සැලෙන දෙනෙත කාගෙදෝ
කොමළ මුවින් මා සනසන රැජිණ කව්රුදෝ

දේව දිනිති ඒ දෙව් කුමරිය ඒ
සමිඳු දාසි ඒ සගයෙ රැජිණ ඒ
මල් කුමාරි ඒ හෙළ රැජිණිය ඒ
දේව මෑණි ඒ අපෙ අම්මා ඒ

මිසර දෙසට කුමරු රැගෙන ගියේ කව්රුදෝ
කුරිරු රජුගෙ අතින් ජේසු මිදුවෙ කව්රුදෝ
මෙහෙළ බිමට අප රකිනට වැඩියෙ කව්රුදෝ
කියනු කියනු හෙළ වැසියනි එතුමි කව්රුදෝ

සගපුර රන්මිණි | Sagapura Ranmini
සගපුර රන්මිණි දොරටු ඇරා
ලෝ තුල මංගල සිරි පතුරා
පෙම්බර මෑණී ශ්‍රී සුර දෝනී
තේජස පා වැඩි ඒ
සගපුරටා සැවොම තුටා
වදිමුව ශ්‍රී පාදේ...//

තේජමාන හිරු පරදා සේල ගත පළඳා
පාද මූල තරිඳු යොදා ශ්‍රී පතුරමිනේ
වැඩියේ කුමරී වදිමූ සිතිනි නදා

තාරකාද දොළොස රඳා පේළියකට යොදා
ශෝභමාන කිරුළ සදා ශ්‍රී පතුරමිනේ
වැඩියේ කුමරී වඳිමූ සිතිනි නදා

පාපිදාස රකින ලෙදා ලෝක සතට සදා
වාසනාව දෙවනු සදා ශ්‍රී පතුරමිනේ
වැඩියේ කුමරී වඳිමූ සිතිනි නදා

සාදු ශීල ගුණෙහි බැඳා සෑම පවම බිඳා
දේව මෑණි නමිනි පුදා ශ්‍රී පතුරමිනේ
වැඩියේ කුමරී වඳිමූ සිතිනි නදා


ලිලිය සේය | Liliya Seya
ලිලිය සේය බොහො යසේය ඔබ දිසේය මරියනී 
සෙවන සේය ඔබ කුසේය දෙවි වෙසේය මරියනී 

අදරී මෙන්න සපළ දන්න සනිරයෙන්න මරියනී 
ම වෙත එන්න ලිබනයෙන්න මහද දෙන්න මරියනී 

තම මරීය බොඅදරීය ම කුමරීය මරියනී 
සැම සිරීය ඔබ පිරීය පෙම්බරීය මරියනී 

ඔබට ගැතිව අදර ඇතිව දරු සේ බැතිව මරියනී 
නොකැලැලැතිව හද පෙමැතිව දෙමු කැමතිව මරියනී 

දින දිනේය අප සෙනේ ය ඔබටනේය මරියනී 
ඔබ සෙනේය දෙනු මැනේය දින දිනේය මරියනී


මරිය රැජිණියේ | Mariya Rajiniye
මරිය රැජිණියේ මා 
දයාබර මවේ 
දුබල අපට සෑමදා 
සරණ වන මවේ 

මවක ලෙසින් දරු අපගේ අවැසි තා බලා 
ඒ සැම අපට නිති ලැබ දෙන දයාබර මවේ...//

බැගෑ ලෙසින් අප වෙනුවෙන් දෙව් තුම හමුවේ 
මැදහත් වන අප ආදර දයාබර මවේ...//

කරුණාබර ඔබ දෙනෙත ම අප වෙත යොමවා 
අප දුක සැප බලන අපේ දයාබර මවේ...//

නිති සරණය දෙන අප හට දයාබර මවේ 
ඔබ සළු සෙවණට දිව එමු දයාබර මවේ...//



ජේසු අම්මෙ | Jesu Amme
ජේසු අම්මෙ මේ අහන්න 
ඔබේ දෑතට තුරුළු වෙන්න 
සුදු සළු කොණ අල්ලගන්න 
මට හරි ආසයි...//

ජේසු අම්මෙ මේ අහන්න 
ඔබෙ රසබර බස් අහන්න 
ඔබෙ ඔවදන් පිළිපදින්න 
මට හරි ආසයි...//

ජේසු අම්මේ මේ අහන්න 
ඔබෙ රැකවරණය ලබන්න 
ඔබේ උදව් පතා ඉන්න 
මට හරි ආසයි //

ජේසු අම්මෙ මේ අහන්න 
ඔබෙ අත ගෙන පියමනින්න 
ජේසු ළඟට හෙමින් යන්න 
මට හරි ආසයි...//

ජේසු අම්මෙ මේ අහන්න 
සුර පුර වෙත ළඟා වෙන්න 
සුර සැප මේ යයි දකින්න
මට හරි ආසයි...//

අම්මා පුදන්නයි | Amma Pudannai
ලස්සන තුරු ලිය පවනෙ ලෙලෙන්නේ 
සැම දෙස කුසුමින් හිනැහි බලන්නේ 
දරු කැළ මල් ගෙන මව වෙතැ එන්නේ 
අම්මා පුදන්නයි දරු අප එන්නේ...//

මඳ නල දස අත ගත පිනවන්නේ 
අම්මගෙ ආදරෙ අපට කියන්නේ 
දරු කැළ බැතියෙන් හද ඔසවන්නේ 
අම්මා පුදන්නයි දරු අප එන්නේ...//

සුසුදු නිමල මව් සරණෙ පතන්නේ 
ඔබ දරු දැරියන් රකින්න පෙමිනේ 
දින දින දෙව් පෙම වඩමින් සොඳිනේ 
අම්මා පුදන්නයි දරු අප එන්නේ...//

සුර මව් කුමරිය ආදර මව්නී 
දරු කැළ වෙනුවෙන් යදින්නැ රැජිණී 
ඔබ පුතු දින දුන් සගපුර පැමිණී
දෙවිඳු දකින්නයි දරු අප එන්නේ...//

සුරිඳු ජේසු මෑණියේ | Surindu Jesu Maaniye
සුරිඳු ජේසු මෑණියේ 
සුහද මව මගේ
පව් කමා වෙ සෙත සදාවෙ
සදා සරණෙ මා...//

මංගල වේ රැජිණෙනී කරුණාබර වූ
මෑණියණී අප පණෙනී අමා මිහිරෙනී
ගැති අපේ පැතුමෙනී 
එකම සතත සහයෙනී 
මංගල වේවා

අනේ එහෙව් වූ අපේ මැදහත්කාරී
කරුණාබර ඔය ඔබෙ නෙත් අප මත රඳවා
සසර මේ ගෙවුණු දා
ඔබෙ කුසෙ ඵල ජේසු වතේ 
දැකුම'පට දෙවා


පසසව් සමිඳුන් උදෙසා මරිමව් | Pasasaw Samidun
පසසව් සමිඳුන් උදෙසා මරිමව්...//
පසසව් සමිඳුන් උදෙසා මරිමව්...//

උදම් අනමු සැම මුවකින්
පසසමු මරි මව් සමඟින්
ඇගෙ ගුණ සමුදා සිහිකර සැමදා
පසසමු මරිමව් සමඟින්

වළාගැබෙන් ආ මරියා නොව ඔබ
ගමේ හදගැස්ම හඳුනා ගත් ලඳ
කුරුස පාත්‍රය පුතු සමඟින්
පානය කළ මරියා...//
පානය කළ මරියා...//

දූලි මැදින් පිය මැන ජෙරුසලමේ
පාර තනන්නට නව ජෙරුසලමට
පුතුට ඉගැන්වූ පුතු දිරි ගැන්වූ
ඒ ලඳ ඔබ මරියා...//
ඒ ලඳ ඔබ මරියා...//

වචනයේ දාසියයි | Wachanaye Daasiyai
වචනයේ දාසියයි මරි මවේ
සම්මතය හැර දැමූ ලඳ ඔබයි
අසම්මත වූ දේව සැලසුම
වටහා ගත් කන්‍යා

තැනට බලයට දාසියක් නොවී
එසේ සැමගෙන් දෙව්බවින් පිරී
අළුත් මැවිල්ලක කැඩපත වූ
විශ්වයෙ මව අම්මා
අම්මා අම්මා විශ්වයෙ මව අම්මා

කැපවී වැයවී දෙව් කැමැත්ත සොයා
වචනය තෙම වූ සත්‍ය කුස දැරුවා
කඩු හතකින් හද සිදුරු කරන්නට
ඉඩ දුන් ලඳ අම්මා
අම්මා අම්මා ඉඩ දුන් ලඳ අම්මා

මරිමව් විලසින් සුදතුන් මග සොයමු
දෙව් කැමත්තට සැමවිට හිස නමමු
ඔබ ගිය මඟ අප මඟවෙන දවසේ
අපිත් ඔබේ දරුවෝ
අම්මා අම්මා ඔබයි අපේ අම්මා

නෙළුම් පිපීලා | Nelum Pipeela
නෙළුම් පිපීලා පෙති විසිරීලා
ජලය සුවඳ වෙන්නා
මමත් මලක් නම් පිපී සුවඳ දී
ඔබ ලඟ පරවෙන්නා...//

කාන්ති කුමරියෙනී
නාද මිහිරියෙනී
සාන්ත සුසිලියෙනී
දේව දියනියෙනී
සීල සිතුමිණෙනී
රූප සිරිනියෙනී
දම්ම කිරුලෙහි දිසි දිසි බබලන
රමණිය සිළුමිණෙනී

කන්‍ය සිරි ලියෙනී
පුණ්‍ය පිරි ලියෙනී
රම්‍ය ඉසි ලියෙනී
අන්‍ය සම ලියෙනී
සාම රැජිණියෙනී
දේව මෑණියෙනී
සෑම සුවඳැති මල් වනයෙහි පිපි
ලක්සන කුසුමියෙනී

සෑම සිරි සිලියේ
සෝම සුකොමලියේ
මාල මංගලියේ
ගීත අන්ජලියේ
පාද සඳ දිලියේ
දේව රන් දොළියේ
නීල අඹරෙහි තරු පරදන සරු
සිරු'රැති සිරි මලියේ



මා මව්නී | Ma Maunee
මා මව්නී අති ප්‍රේමනීය
මේ ලෝකේ මගෙ ආධාර
ශෝකෙන් මා නිති සන්තෝෂය
යාච්ඤා වේ මව සුන්දර

මා යාච්ඤා අසනූ දයාවෙන්
මා මව්නී සිට ස්වර්ගයෙන්
ආරක්‍ෂා කරනූ පාපයෙන්
මා මූදා සැම ශෝකයෙන්

අන්ධ වූ අප ආලෝකය
දුර්වල අප ආධාර
පාපී වූ අපගේ පිහිටය
මව් මරී අති පෙම්බර

ජේසුගේ අති ප්‍රේම මව්නී
ලෝ වාසී අප මාතෘනී
පාපෙනා මිදි කන්‍යාවෙනී
වේ දයා මට ප්‍රේමයෙනී

ඊර්ෂ්‍යාදී නෙක පව් දෝසෙනී
මා සිත් දුස්විය හැක්කේ වේ
ඒවායින් ගැලවෙන්ට මව්නී
මා හා සාමය ඇත්තේ වේ

ගීතිකාවට සවන්දෙන්න 


For Saints









Other



No comments:

Post a Comment